අපේ පවුලේ ඉන්නේ බලු පිස්සෝය.බල්ලන්ට බලවත් විරෝධතාවක් තිබුණේ තාත්තාගෙන් විතරක්ම වුවත් දැන් ඔහුටත් එහි වගේ වගක් නැත.එහෙම වුවත් ඔහු අප මෙන් බල්ලන් කරට ගන්නේ නැත.බල්ලන්ට බල්ලන්ගේ තැනත් කොල්ලන්ට කොල්ලන්ගේ තැනත් දී අපේ මහ රජ බලු පිස්සන් මැද විරාජමානව සිටී.
අපටත් වඩා බල්ලන්ට ලැදි අපේ අම්මාය.ඈ සිටින්නේ උන් කරේ තබාගෙනය.බල්ලන්ගේ සියළු ආවතේව කරමින් උන්ට පාන ස්නේහය වෙලාවකට අපටවත් නැතුවාය.මා හිතන හැටියට නම් ඔය ස්නේහය ගැන අපේ තාත්තාට ලාවට ඉරිසියාවක් වාගේ එකක් තියේය.ඒ බව දන්නා අම්මාත් ඔලොක්කුවට මෙන් ඒ ස්නේහය වැඩියෙන් පෙන්වන්නීය.
යටත්විජිතයක්ව හිටියා?? මේ අපි??
නැහැ වෙන්ට බැහැ...
අපි අධිරාජ්‍යවාදීන්!
කෝ ඉතින් උඹලාගේ අධිරාජ්‍යය??
ඇයි ඒ උඹලාගේ රට! ශ්‍රී ලංකාව!!
අපි කලාපීය ප්‍රබලයා!!
පල ඩෝ යන්න!
ඇයි මොකද?
අපි උඹලාගේ ලොකු අයියා!
අපි මහා භාරතය!
මොක කිව්වා??
මහා භාරතය!
භාරත පුත්‍රයෝ!
ඇයි අහල නැතුවද?
ලොව පුරා ඉන්නේ අපේ කස්ටිය!
ඉහිරිලා පැතිරිලා බැබළෙමින් ඉන්නේ!
අපිට උන් සලකන්නේ දෙයියන්ට වාගෙ..
සලකපියව් තොපිත් අපි උත්තම ඉන්දියානුවෝ!
ආච්චිගේ රෙද්ද!
තොපි නිසා අපිට වසන්ටත් නෑ!
හැබෑවටම ඇයි තොපි ඔය තරම් උද්දච්ච??
අපේ මුල් උතුම්!
අපි අති උත්තම රාමගේ දරුවෝ!
තොපේ මහ රාවණ වගේ නොවෙයි!
අපි රත්තරං තොපි තබක්ක!!
සුද්දොත් අපිට වඳින්නේ!
හා හා!! තොපේ මුග්ධකම!
රාමායණේත් හොරකම් කරපු තොපේ කට කයිවාරු!
නිදහස් සටනේ වැරදුණු තැන අන්න!
තොපි මහ මග එළි බැස්සවූ
උන්දැලාට වැරදුණේ ඔන්න ඔතැනය!
දැන් තොපි ලෝ පුරා මහ මග පහරවා
ආසියාවේ ගරුත්වයත් කාණු පල්ලට යවන හැටි!!
තොපේ මහ භාරතය!!
තුඃ විතරක්! කටේ කෙළත් නැහැ!!
තමන්ගේ රටේ වැසිකිළියක් හදන්නට බැරි තොපි
බටහිරට ගොහින් කෙරුමෝය!
කසාගන්නට නියපොත්ත නැතුවත් කයිවාරුව ඇත!
අනේ යකුනේ තොපේ ඉදිමුණු ඔළු කටු!
ඇහැරිලා බලාපන්
උඹලා සුදු වෙලා!!
සහෝදරයා! නැගිටපන්!
හරි! උඹලා සෙලෝලයිඩ් ලෝකයේ වීරයෝ!
ඒත් ඇත්ත ජීවිතේ දුරයි..
රැජිණි කාන්ත් තිරයේ වීරයෙක් වෙන්න ඇති "උඹලට"
ඒත් හැබෑවට නම් වීරයෙක් නොවෙයි ලෝකෙට!
හරි! උඹලා කටු කන්න දස්සයි
ඒත් උඹලාට බෑ අපිට කටු විසිකරන්න!
උඹලාට ඇති ආත්මාභිමානයක්
ඇයි ඒක අනික් උන්ට අකැපද??
උඹලා ලොකු ඇති
ඒත් උඹලාගේ රටට!
ඉගෙන ගනින් සමානාත්මතාවයෙන් ජීවත්වෙන්ට!
උද්දච්ච ඔළුවලට දමාපන් සැනසීම
අපටත් උඹලාගේ පව් බිල් කරන්නේ නැතුව!
ඉවසන්ට බැරි
සුද්දෝ නොවේ..
උන්ගේ පශ්චිම භාග ලොවිනා
අපේ කළු සුද්දෝය!
කාලාන්තරේකට පස්සේ ඕං තනි තරුව පායන්නේ..
තනි තරුවට පහුගිය කාලේ පායන්න කාල වේලාවක් තිබුණේම නැති තරම්..මොකද තරුවක් උනත් හැමදාම දෙමාපියන්ගේ අහසෙම පායලා ඉන්ට බැහැ නෙව. ඉතින් තනි තරුව තව තරුවක් එක්ක දීග ගොහින් දැන් ඉන්නේ වෙන අහසක..:D
ඔය මංගල්ලෙ වැඩ කටයුතු නිසා බ්ලොග් අඩවියට ගොඩ වැදෙන්න තියා ඒ ගැන මතකක්වත් නොවෙන තරම, නහය ලඟටම වැඩ ගොඩක ගිලිලායි උන්නේ..මඟුල් කෑමේ විස්තර පසුව කියන්නට ඉඩ තියාගෙන මේ ලියන්නේ "ඕං මං ආවෝ" කියන්ටයි..:)
බට නලාව, වයලීනය සහ සිතාරය...
ඒ හඬ තරම් මා මුසපත් කිරීමේ හැකියාවක් වෙනත් කිසිවකට නෑ...
සාමාන්‍ය පෙළ තෙක් පෙරදිග සංගීතය හැදෑරු මට ඔය භාණ්ඩ තුන වාදනය කිරීමේ හැකියාවක් නැතිවුනත් (අවාසනාවකට වගේ) ඒ හඬ දවසේ ඕනෑම මොහොතක දෑස් පියා රස විඳීමේ හැකියාවක් තියෙනවා..
බටනලාවට මගේ ප්‍රේමය ඇතිවුනේ මගේ මතකයේ හැටියට තරමක් කුඩා කාලයේදි.ඒ තණමල්විල ප්‍රදේශයේ තිබෙන මගේ ඥාතිවරයෙකුට හිමි අවන්හලකදි ඇසුණු බටනලා හඬක් නිසා.එහි සේවයේ නියුතු මැදිවියේ පුද්ගලයෙකු මහ රැයක බොහොම අපූරුවට බටනලාව වයා පෙන්නුවේ අපව සැබැවින්ම ආනන්දයට පත්කරවමින්..ඒ ශෝකි හඬ රැයේ නිහඬ බව සමග මුසුවී මැවූ ඒ හැඟීම සැබැවින්ම සිතක් සංවේදී කරනා තරම් සුන්දරයි.
එදා සිට බටනලාවක් වාදනය කිරීමේ නොහිම් උන්මාදයකින් මා පෙළුණා..