Wednesday, April 22, 2020

The perils of being moderately famous by Soha Ali Khan


මේක නම් මම ටික කාලෙකට කලින් කියවපු පොතක්. නමුත් ඒ ගැන සමූහයට ලියන්න වෙලාවක් ලැබුණෙ නැති බව මතක් වුණා.

හින්දි සිනමාව ගැන උනන්දුවක් දක්වන අයත් රසිකයොත් සොහා අලී ඛාන් කාගේ කවුද කියලා දන්නවනේ.ඇය එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වුණු නිළියක් වන ශර්මිලා තාගෝර් සහ දක්ෂ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක/හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මන්සූර් අලී ඛාන් පතාඋඩිගේ දියණියක්. සයිෆ් අලී ඛාන් ඇගේ සහෝදරයා.
මේ පොත ලිවීමට පාර හැදුණු හැටි ඇයගේ හැඳින්වීමේ ලියා තිබෙන ආකාරයම හරිම හාස්‍යජනකයි.

Sunday, April 19, 2020

The God of small things - Arundhati Roy

රසවත් පොතක් හම්බවුණාම එක හුස්මට කියවනවද නැත්නම් හිමින් හිමින් හැම වචනයක්ම රස විඳ විඳ කියවනවද?

මේක හැම වචනයක්ම රස විඳ විඳ කියවන්න පුළුවන් පොතක්. ඒ ලියවිල්ල හරියට චිත්‍රපටයක් බලනවා වගේ, මවාගන්න කලින් රූප මැවෙන.

The God of small things, අරුන්දතී රෝයිගේ ප්‍රථම නවකතාව. පොත ලියන්න පටන් අරන් තියෙන්නේ 1992, අවුරුදු 4ක් ගත කරලා (පොතටම කාලය ගෙව්වා ද දන්නේ නෑ හැබැයි) 1996 පොත සම්පූර්ණ කළා කියලායි කියවෙන්නේ. ඇයව ජාත්‍යන්තර කීර්තියට පත් කරන්න මේ නවකතාව සමත් වෙලා තියෙනවා. 1997දී Booker Prize එකත් දිනාගෙන The New York Timesවල වැඩිම අවධානය දිනාගත් පොත් ලැයිස්තුවට ඇතුළත් වෙන්නත් මේ පොත සමත් වෙලා තියෙනවා. ඒ වගේම The New York Times Bestsellers ලැයිස්තුවේ 4වන තැනටත් පත්වෙලා තියෙනවා. 

හීන


ඔබ සිහිනයෙන් හමුව
ඇස හැරුණ තැන
රිදුම් දෙයි හදවත



Sunday, March 29, 2020

Mafia Queens of Mumbai by S. Hussain Zaidi with Jane Borges


අපේ අසල්වැසි ඉන්දියාව, පාතාලය ආකර්ෂණීය තැනක් කරපු රටවල් අතරින් එකක්. බොලිවුඩ් නිර්මාණ බොහොමයක් තියෙන්නේ ඉන්දියානු පාතාලයේ විකසනය ගැන. අපි අහලා තියෙනවා හුගාක් පාතාල නායකයන් ගැන. ඒත් දන්නවද පාතාල නායිකාවන් ගැන?
මේ පොත මං කියෙව්වේ දැනට ටික කාලෙකට කලින්. නමුත් සමූහය එක්ක අදහසක් බෙදාගන්න බැරිවුණ නිසා නිරෝධායන කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුවා.
ප්‍රවීණ ඉන්දීය මාධ්‍යවේදියෙක් වෙන Zaidi මේ පොත පළ කරලා තියෙන්නේ ඉන්දියානු පාතාලය සම්බන්ධයෙන් ඔහු කාලයක් තිස්සේ කළ පර්යේෂණ පදනම් කරගෙන. මෙහි පෙරවදන ලියා ඇත්තේ ඉන්දීය සිනමා අධ්‍යක්ෂකවරයකු වන Vishal Bhardwaj. 

ඔහු පෙරවදන පටන් අරන් තියෙන්නේ මෙහෙම "
Crime is juicier than spirituality. Guns are more attractive than roses. And thus—at least to me—the stories about the lives of gangsters are much more fascinating to share than that of saints."
ඒකෙන් පැහැදිලි වෙන්නේ high-context cultures හැටියට ගැනෙන අපේ කලාපයේ රසික ඉල්ලුමට අනුව සැපයුම ලැබෙන බව.😁

මේ පොත පටන් ගන්නේ ඉන්දීය පාතාලයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක් හැටියට සැලකෙන නැත්නම් Godmother විදිහට හැඳින්වෙන Jenabai Daruwaliගේ කතාවෙන්. එවකට පාතාල නායකයෙක් වූ Haji Mastan සමග සමීපව කටයුතු කළ අයෙක් තමයි Jenabai. ඒ වගේම හිතුවක්කාරයෙක් වන Ibrahim Dawood කීකරු වූයේ Jenabaiට පමණක්ම බවයි කියවෙන්නේ. Dawood ගැන වෙනමම කතා කරන්න පුළුවන් නිසා මෙතන ඒ ගැන වැඩි විස්තර ලියන්නේ නැහැ (තව පොතක් තියෙනවා ඔහු ගැන වෙනමම)

Saturday, March 28, 2020

Pablo Escobar - My father by Juan Pablo Escobar



1949 දෙසැම්බර් 1දා කොළොම්බියාවේදි උපන් Pablo Escobar කොළොම්බියාවේ සිටි මත්කුඩු ජාවාරමේ මහමොළකරුවෙක්, අතිශය සාර්ථක ව්‍යාපාරිකයෙක් නැත්නම් කොළොම්බියානු කුඩු රජෙක් හැටියටයි සැලකෙන්නේ. 1993 දෙසැම්බර් 2දා ඝාතනයට ලක්වූ පැබ්ලෝගේ එතෙක් ගණනය කරන ලද වත්කම (1993දී) ඩොලර් මිලියන 30කට ආසන්න වූ බව සඳහන්. ප්‍රසිද්ධ රූපවාහිනී කතා මාලාවක් වන Narcos පැබ්ලෝගේ චරිතය වටා ගෙතුණක්.