Friday, August 14, 2015

ලියුං කියුං කටිං කෙරුං

I thought of writing this in something similar to පුස්වෙඩිල්ල ස්ටයිල් as it amuses me that much.:D

Once අපෝන් a time in a විලේජ්, there were 2 ගමේ කොල්ලෝස් teams who used to play ක්‍රිකට්.Here one ගමේ කොල්ලා played so well, that මිනිහා was offered ද කැප්ටන්සි ඔෆ් one team නිතරඟයෙන්. In his ටීම් however, was another කොල්ලා from එහා ගමක්.මිනිහා too was an old එකා in the team but not much ජනප්‍රිය or skilled.But he was an අණ්ඩපාලයා too, so never showed how much ඌ envied the Captain ලොක්කා..Instead he always was holding පන්දම් to the Captain ලොක්කා, saying ""ලොක්කා මගේ දෙයියා".

So there was another ටීම් එකක් නොහ්! අන්න that was a නියම team. Their ලොක්කා was a නළුවෙක් නෙවෙයි මොළයක් so he was the unbeaten captain from තොටිල්ල to බොරැල්ල.His වයිස්-කැපා struggled a lot to get a ප්‍රොමෝෂන් එකක් but all his battles were in vain නිකං. So this මොළ ලොක්කා was very much in disgrace as they were beaten continuously by the Captain ලොක්කා's team ආයේ ඇපත් නැතිවෙන්න.So this මොළ ලොක්කා for the second match, decided to දෙන්න බැටේ මෙදා සැරේ and brought පහළ ඇළේ කිඹුලා මැරූ කොල්ලා සරත් who was well-known for පොල්-අඩි, into the team and challenged the Captain ලොක්කා..Captain ලොක්කා was so cool like Arjuna අයියා @ 1996 World Cup and let සරතා to open his culvert mouth as much as he could, knowing it would make him තාර බිත්තරේට අවුට් වෙන්න. So that match was වැඩක් නෑ..

Wednesday, July 22, 2015

සුලඟ සහ පිස්සෝ

කලකට පෙරාතුව කොළොම්තොට සමීපයෙහි එක්තරා මගක මානසික ව රෝගී වූ පුරුෂයෙක් වාසය කළේය.මේ පුරුෂ තෙමේ මෙලෝ සම්මත කිසිදු ක්‍රියා පිලිවෙතක් කෙරෙහි සංවේදී නොවන්නේ, හැටට හැටේ පාගා යන්නට හැකි, එකල අලි නෑ විල්වලින් බහුල වූ අතුරු මාවතෙහි විශාලතම මඩ විල අසල කළු පැහැති රෙද්දක් එලා මුණින් තලාව වැතිර හොත්තේ, දෙපතුල් ගුවනට හරවා ගෙන වනන්නේ, වැලමිටි බිම හොවා වාරු ගෙන 'හයිලන්ඩ්' යෝගට බඳුනක් සිත්සේ තලුමර මරා කන්නේ, පාර මධ්‍යයේය.එතැනින් යනෙන කිසියම්ම රියසකක් ඇත්නම් ඔහු බේරා ප්‍රවේශමෙන් යා යුතුවන්නේ රථාචාර්යන්ගේ මුවින් නිබඳ සිය පරලෝ සැපත් දෙමාපියනටත් සතර වරිගයාටත් පුණ්‍යානුමෝදන් කරවා ලූ යේය.එසේවතුදු, ඔහුට එහි වටිනාකමක් හෝ හරයක් නොවන්නේය.සිඟාලු මුදලින් යෝගටයක් මිලට ගන්නේ ඒ සුවපහසුවට සැතප අනුභවයට මිස රියසක් පදවන ජනපද කල්‍යාණියන්ගේ පුත්‍රයින්ගේ සුව පහසුව තකා නොවන බැව් හෙතෙම නලා හඬකට නො එසවෙන නෙතිනුත් මන්ද්ස්මිතයක් පැතිරූ උවනිනුත් මනාව ප්‍රකට කලෙහිය.

ඒ වනාහී යටගිය දවස කොළොම්තොට නුවර කථාන්දරයයි.නූතන යුගයට ප්‍රවිශ්ට වෙමු.

Tuesday, July 14, 2015

විරහව..

හිත පහුරු ගාගෙන
හොරහොරෙන් එබෙනකොට නුඹ..
වැලලුණු හීන සුවඳක්
උණනවා තවම හිත් කොණක...
මතක පෙල ගැහී දිගට
මතුවනාවිට හිත් තලට..
හැරී දුවනවා තමා ආයෙම
වැරදෙන්න පටන් ගත් තැනට...
හාදුවකට හැකි තමයි
දිගු නින්දකින් ඇහැරන්න..
සාපයක් හරවන්න
හාදුවක් බර මදි නැද්ද?
ඒ නිසා නුඹ ඔහොම
හිත් කොණක ගුලිවෙන්න
මුළු හිතම දෙන්න බෑ
ආයෙමත් රිදවෙන්න...



Friday, July 10, 2015

ආටාවෙන් වේදිකාවට..

කාලෙකට පස්සේ ලියන්න දෙයක් හිතමින් ඉන්නකොට අද සිකුරාදාවකුත් වූ නිසාවෙන් චිත්‍රපටියක් බලන්න, සිංදුවක් අහන්න පටන් ගත්තා..බොහෝමයක් සැරයක් මග ඇරුණු චිත්‍රපටියක් තිබ්බා "රාම් ලීලා".අද ඒ ගැන ලියන්න බලාපොරොත්තුවක් නැතත් ඔය චිත්‍රපටියේ බොහොම සුළු කොටසක තිබ්බ ගීතයක් හොයන්න ගිය නිසා හොයාගන්නට ලැබුණු වෙනත් කතන්දරයක් ගැන ලියන්න හිතුණා..

අපේ අසල්වැසියා ආකල්ප අතින් සහ දේශපාලනමය අතින් කොයිතරම් පහළ මට්ටමක උන්නත් ඔවුන්ගේ මම අගය කරන සහ රස විඳින එකම එක දෙයක් තිබෙනවා..ඒ ඔවුන්ගේ සංගීතය සහ ගායන නර්තන හැකියාවන්.මම හිතන්නේ අපේ රටේ උත්සවවල පට්ට ගහන්න තරම් නිර්මාණ හදන ඔවුන්ගේ ඒ නිර්මාණවල තිබෙන තත්වයට නැත්නම් කොලිටියට එන්න නම් අපට හැකිවෙලා නෑ..ඒක ඔවුන්ටම අනන්‍යවූ කලාවක්.ඒ වගේ ඉල්ලුමක් තිබෙන, තරඟයක් තිබෙන ක්ෂේත්‍රයක යම් තැනක් ලැබීමත්, පිළිගැන්මට හෝ ජනප්‍රියත්වයට පත්වීමත් මම හිතන්නේ වාසනාවක් තිබිය යුතුම දෙයක් කියලා.අපේ රට වගේ කීපගුණයක් විශාල ඔය රටේ අහුමුළුවල වැලලිලා හැංගිලා ගිය දක්ෂයෝත් අනන්තවත් ඇති, සමහර විට දුප්පත්කමටම යටපත්වෙලා, ඒත් නැතිනම් නිසි මග පෙන්වීමක් නැතිකම හෝ එවන් මාර්ගයකට අවතීර්ණවෙන්න බැරිවීම නිසා.

Wednesday, July 8, 2015

නික්මන

නුඹෙන් සමුගෙන
සෙමෙන් පියමැන
ඉතින් මම යන්නම්..
එකම වරකට
නුඹේ නෙත් මත
ඇදුණු රුව දැක
ඉතින් මම යන්නම්...
නුඹට පෙරදින
බැඳුණු සෙනෙහස
සිතේ සිරකර
සුසුම් නොහෙලා
කඳුළු නොසලා
නුඹේ රුව නෙත් 
        පතුලේ රඳවා
ඉඳින් පියමැන
දුරස් වෙන්නම්..,
එකම වරකට
හැරී නොබලා
නුඹේ ප්‍රේමය 
රැගෙන දෝතින්
ඉතින් මම යන්නම්...