Thursday, June 16, 2016
Friday, April 22, 2016
පිසාච..!
අනේ කුහුඹුන්නේ තොපටත් රජෙක් ඉන්නේ
අපට නම් ඉතිනේ පඹයෙක් විනක් කැට්ටේ!
රූකඩෙක් පඹයෙක්ම වන්නේ
පඹයෙක්ම රූකඩෙක් වන්නේ
නැතිය එපමණටම ඇත්තේ
රටට හෝමෙක් පමණි ඉන්නේ
ඇහැක් නැතුවා කණක් ඇතුවා
විනක් කටිනට අඟක් බැස්සා
හුඟක් කල් වෙදකමුත් කෙරුවා
ඒත් නැතිලුය හොඳක් අක්කා
දහසකුත් අඟනුනුත් දුටුවා
මෙහෙව් එකියක් කොහෙත් නැතුවා
අඹරවන්නට එතෙක් දස්සා
ළම-අ-තැනිය ගෙන එන්ට රිස්සා
අම්මා වික්කා අප්ප වික්කා
පුරුෂයා අමුඅමුවේම වික්කා
සුදු නෙළුම් කන තවලමේ බැඳි
නොබැඳි මොං-ගල ඌත් වික්කා
ඇස්ස රිස්සා දත් විරිත්තා
ළොපොන්නරුවෙන් කෙතට බැස්සා
මඩෙත් ලැග්ගා ඉතින් මක්කා
කියන් නෝනා මමය ගැත්තා
මඩට හුරුකම මගේ දස්කම
වවමු රඹ කැන, ඇටි කෙහෙලමය
දැන් ඉතින් කන්නේ පුවාලුය
ල-නිලා කන්නේ අමුතු කෙහෙලුය
දෙකකි හැටමය අමුම ගොන්නුය
උන්ම කෑවේ මදිය කිය කිය
සේන රඹ කැන කාපු උන්මය
රෙ-න්ට බැරුවම එක ඉරාගෙන
ඉතින් කට නැත ඉරුණු දුකටම
උන්ට තලනට බූ වලිග මොට?
තොපිට කිව්වා තොපි නෑහුවා
තොපිම තොපිටම විනේ කැට්ටා
උපන් දරුවා දෙකට බෙදුවා
බොට අඩයි මට අඩයි ඇතුවා
කලින් කිරි එරි හිරු අම්මලා
කැකිරි පල පල විරිත්තෑවා
දරු ඉපැද්දූ සෙනෙවි
මහ පොළව යට සුසුම් ලෑවා
දිනෙක යම් මතු ඉපදියම යුතු
දෙරණ කොයි අත නොදැක සිටි යුතු
තොප තරම් අනුවණවු ගුණමකු
වැදූ මව්වුව කෙලෙසවනු සුලු
දුරක් නොපෙනෙන නිවට ජාතිය
තොප මෙ'දෙරණ'ත කුමට උපන ද?
වැරදුණු තැන
අපට නම් ඉතිනේ පඹයෙක් විනක් කැට්ටේ!
රූකඩෙක් පඹයෙක්ම වන්නේ
පඹයෙක්ම රූකඩෙක් වන්නේ
නැතිය එපමණටම ඇත්තේ
රටට හෝමෙක් පමණි ඉන්නේ
ඇහැක් නැතුවා කණක් ඇතුවා
විනක් කටිනට අඟක් බැස්සා
හුඟක් කල් වෙදකමුත් කෙරුවා
ඒත් නැතිලුය හොඳක් අක්කා
දහසකුත් අඟනුනුත් දුටුවා
මෙහෙව් එකියක් කොහෙත් නැතුවා
අඹරවන්නට එතෙක් දස්සා
ළම-අ-තැනිය ගෙන එන්ට රිස්සා
අම්මා වික්කා අප්ප වික්කා
පුරුෂයා අමුඅමුවේම වික්කා
සුදු නෙළුම් කන තවලමේ බැඳි
නොබැඳි මොං-ගල ඌත් වික්කා
ඇස්ස රිස්සා දත් විරිත්තා
ළොපොන්නරුවෙන් කෙතට බැස්සා
මඩෙත් ලැග්ගා ඉතින් මක්කා
කියන් නෝනා මමය ගැත්තා
මඩට හුරුකම මගේ දස්කම
වවමු රඹ කැන, ඇටි කෙහෙලමය
දැන් ඉතින් කන්නේ පුවාලුය
ල-නිලා කන්නේ අමුතු කෙහෙලුය
දෙකකි හැටමය අමුම ගොන්නුය
උන්ම කෑවේ මදිය කිය කිය
සේන රඹ කැන කාපු උන්මය
රෙ-න්ට බැරුවම එක ඉරාගෙන
ඉතින් කට නැත ඉරුණු දුකටම
උන්ට තලනට බූ වලිග මොට?
තොපිට කිව්වා තොපි නෑහුවා
තොපිම තොපිටම විනේ කැට්ටා
උපන් දරුවා දෙකට බෙදුවා
බොට අඩයි මට අඩයි ඇතුවා
කලින් කිරි එරි හිරු අම්මලා
කැකිරි පල පල විරිත්තෑවා
දරු ඉපැද්දූ සෙනෙවි
මහ පොළව යට සුසුම් ලෑවා
දිනෙක යම් මතු ඉපදියම යුතු
දෙරණ කොයි අත නොදැක සිටි යුතු
තොප තරම් අනුවණවු ගුණමකු
වැදූ මව්වුව කෙලෙසවනු සුලු
දුරක් නොපෙනෙන නිවට ජාතිය
තොප මෙ'දෙරණ'ත කුමට උපන ද?
වැරදුණු තැන
Saturday, March 12, 2016
Friday, March 4, 2016
තනියාගේ ඉක්කෝල ගමන් - 2: උල්කාගේ විත්ති
ගිය දෙසැම්බරේ නත්තල් ප්‍රීතිය නිමිත්තෙන් තනියා බයිට් කතාවක් ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කළ බව ඔහෙලට මතක ඇති නෙව? අන්න ඒ කතාවේ දෙවෙනි කොටසක් වගේ එකක් ලියන්නයි මගේ අද සූදානම...(ඔය කොටස් ලිවිල්ල මේ කාලේ නම් තනියට අවංකවම කරගෙන යන්න ඇහැක් ගේමක් නෙවෙයි..ඒත් ඉතින් අර බැඳ ගත්තු බෙරේ වගේ එකක් තමයි දැන් මේ වෙලා තියෙන්නේ..කවුරුවත් දැන් අර පිචෑර් එක එහෙම මතක් කරනවා නෙවෙයි ඔන්න!)
ඉතින් සිඟිත්තනේ මම පොරොන්දු වුණානේ තනියාගේ සහෝදරී උල්කාගේ වික්‍රමයන් ගැන ලස්සන (රෙද්ද තමා!) කතාවක් අරන් ආයෙත් ඕගොල්ලෝ හමුවට එනවයි කියලා...ඒක තමා මේ ආවේ..! ;)
ඉතින් ඔය උල්කා ඇවිල්ලා.. සොරි! වැටිලා අවුරුදු දෙක තුනක් වෙද්දිම උන්දැට තිබ්බ ලොකුම ගාය තමයි කොහොමහරි ඉක්මණට ඉක්කෝලේ යන්න පටන් ගන්න එක..! මොකද කියනවා නම් උල්කගේ අක්කා තනියා එතකොට ඉක්කෝලේ යනවනේ..දැන් ඔය දෙමළ පත්තරේ හරි එයාට දෙනවා නම් මටත් ඕනේ කියන ළදරු මානසිකත්වයේ පසුවුණ (එවකට) මේ ළදැරිය ගෙදර බත් කෑවෙත් ඉක්කෝලේ ගෙනියන බෑග් එකක කෑම පෙට්ටිය දාගෙන ගිහින් එයාගේ සිඟිති මේසේ වාඩිවෙලා, කරේ එල්ලන් ඉන්න රතුපාට රොබෝ බෝතලේකින් වතුර බිබී තමයි..ඒ කාලේ අපේ ගෙවල් ලඟ තිබුණා නරි-සරියක්...මේ යෝදිගේ මේ බෝතල් බෑග කෙරුවාවේ තරම කියන්නේ ඔය නරි-සරියේ ඇන්ටි-මනී උල්කව බලෙන් වාගේ එක්කන් ගිහින් වාඩි කරගෙන තමයි බඳවාගෙන තිබ්බේ..එදා ඉඳන් ඉතින් ආයේ මොනවද ඇන්ටි-මනී පතල් වට්ටිය බබා වගේ කරකෝන එකමයි කලේ!

Sunday, February 21, 2016
පොදු පුරුෂ ප්‍රේමය
ඉර මුදුන් වෙලා ආපහු හැරිලත් පැය දෙක තුනක් ගෙවිලා තිබ්බා..සහන්‍යා ඒක පරක්කුවක් විදියට දැක්කේ නෑ..කොයියම්ම වෙලාවක වුණත් සුපුරුදු ආපන ශාලාවේ සුපුරුදු තැන ඈ වෙනුවෙන් තිබුණා..බෝඩ් ගහල වෙන් නොකලට..
කොළඹ දාහය මැද්දේ, කෘතිම නුවර එළියක වැඩ කරනවට වඩා සහන්‍යා ආසම වුණේ මෙතැනට..වාර්නිෂ් පාට බොකුටු සැප පුටු හබල පෙති පාට කුෂන්වලින් පුරෝලා ලස්සන මුහුදු නිලක් ගත්ත හුරුබුහුටි කුෂන් කොට්ට විසුරුවලා තිබ්බ මේ ආපනශාලාව පැයක් දෙකක් උදුරගත්තට පාඩු නැතිවෙන තරම්...කොහොමත් ලොකු වීදුරු ජනේලවලින් පේන අහසයි මුහුදයි අතරේ ඉඳන් කෑම කන අතරේ වැඩ කරන්න සහන්‍යා කැමතියි..හැමදාම එන නිසා කවුරුවත් වධ කරන්න ආවෙත් නැහැ..
සහන්‍යාට ඕන වුණේ අහසයි මුහුදයි අතරේ හිටි බැල්ම ආයෙමත් පරිගණක තිරයට ගේන්න..ඒත් ඒ ගේන අතරේ වීදුරුවෙන් තමන්ට මොකක් හරි පුරුදු ඡායාවක් පෙනුණද කියලා හිතිච්ච නිසා ඈ ආයෙමත් හැරිලා බැලුවා..
හුරු පුරුදු ඡායාවක් තමයි..හුඟක් හුරු පුරුදු ඡායාවක්..හැබැයි නුහුරු ඡායාවක් එක්ක...
වේගයෙන් ආව මුහුදු රැල්ලක් කළුගල් පරයේ වැදුණේ නෑහෙන දුරකදි වුණත් ඒ සද්දේ සහන්‍යාගේ කන්වලට දැනුණා..
-----------------------------------------------------

Subscribe to:
Posts (Atom)