උඹලට පුතා කියන්නද මල්ලි කියන්නද
පර දෙමළා කොටි පැටියා කියන්නද
ඔය මොක කීවත් උඹලා
ගුටි කෑව උන්ට වඩා වාසනාවන්තයි!
මොකද උඹලගේ මහ උන්
උන්ගේ මහ උන්ට බැරිවෙච්චි ටික
කරවගන්න කන කට්ටෙ හැටියට
ඔය ගුටි කෑව උන්ගේ මහ උන් (නෙදකින්!)
මහ නපුංසක හැත්තක්!!
උන් කියන හැටියට
උඹලගෙන් කාපු උන්
ඇන්ඳ වෙස් තට්ටුව යට
සහජීවනේ තියන් ඉඳලා නෑ ලු!
වෙස් තට්ටු නොඇන්දට
සහජීවනේ අමුඩ ගහන
නපුංසක මහතැන්
උඹලටත් හිටියනම්
උඹලත් හැදිලා යකුනේ!
පින්තූරේ ගත්තේ: යුතුකමෙන්, මීට වඩා හොඳ නිර්වචනයක් නැති හින්දා
උඹලා දිහා බලලා නොහැදුණු අපේ වරද
තවමත් යන්තමින්
පණ ගැහෙන හදවත
දමා වසමි පළිඟු බඳුනක
සුළං පොදකුදු නොවදින්න
එමත අලවමි
ලේබලය 'වස'
බඳුන තුළ නොව
ඉන් පිටත..
අනේ කුහුඹුන්නේ තොපටත් රජෙක් ඉන්නේ
අපට නම් ඉතිනේ පඹයෙක් විනක් කැට්ටේ!
රූකඩෙක් පඹයෙක්ම වන්නේ
පඹයෙක්ම රූකඩෙක් වන්නේ
නැතිය එපමණටම ඇත්තේ
රටට හෝමෙක් පමණි ඉන්නේ
ඇහැක් නැතුවා කණක් ඇතුවා
විනක් කටිනට අඟක් බැස්සා
හුඟක් කල් වෙදකමුත් කෙරුවා
ඒත් නැතිලුය හොඳක් අක්කා
දහසකුත් අඟනුනුත් දුටුවා
මෙහෙව් එකියක් කොහෙත් නැතුවා
අඹරවන්නට එතෙක් දස්සා
ළම-අ-තැනිය ගෙන එන්ට රිස්සා
අම්මා වික්කා අප්ප වික්කා
පුරුෂයා අමුඅමුවේම වික්කා
සුදු නෙළුම් කන තවලමේ බැඳි
නොබැඳි මොං-ගල ඌත් වික්කා
ඇස්ස රිස්සා දත් විරිත්තා
ළොපොන්නරුවෙන් කෙතට බැස්සා
මඩෙත් ලැග්ගා ඉතින් මක්කා
කියන් නෝනා මමය ගැත්තා
මඩට හුරුකම මගේ දස්කම
වවමු රඹ කැන, ඇටි කෙහෙලමය
දැන් ඉතින් කන්නේ පුවාලුය
ල-නිලා කන්නේ අමුතු කෙහෙලුය
දෙකකි හැටමය අමුම ගොන්නුය
උන්ම කෑවේ මදිය කිය කිය
සේන රඹ කැන කාපු උන්මය
රෙ-න්ට බැරුවම එක ඉරාගෙන
ඉතින් කට නැත ඉරුණු දුකටම
උන්ට තලනට බූ වලිග මොට?
තොපිට කිව්වා තොපි නෑහුවා
තොපිම තොපිටම විනේ කැට්ටා
උපන් දරුවා දෙකට බෙදුවා
බොට අඩයි මට අඩයි ඇතුවා
කලින් කිරි එරි හිරු අම්මලා
කැකිරි පල පල විරිත්තෑවා
දරු ඉපැද්දූ සෙනෙවි
මහ පොළව යට සුසුම් ලෑවා
දිනෙක යම් මතු ඉපදියම යුතු
දෙරණ කොයි අත නොදැක සිටි යුතු
තොප තරම් අනුවණවු ගුණමකු
වැදූ මව්වුව කෙලෙසවනු සුලු
දුරක් නොපෙනෙන නිවට ජාතිය
තොප මෙ'දෙරණ'ත කුමට උපන ද?
වැරදුණු තැන
හඳකට වුණත්
හිතෙන්නට බැරිද
හැමදාම රාහු ගිලගන්නකොට
දහවලක පායන්න?
ගිය දෙසැම්බරේ නත්තල් ප්‍රීතිය නිමිත්තෙන් තනියා බයිට් කතාවක් ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කළ බව ඔහෙලට මතක ඇති නෙව? අන්න ඒ කතාවේ දෙවෙනි කොටසක් වගේ එකක් ලියන්නයි මගේ අද සූදානම...(ඔය කොටස් ලිවිල්ල මේ කාලේ නම් තනියට අවංකවම කරගෙන යන්න ඇහැක් ගේමක් නෙවෙයි..ඒත් ඉතින් අර බැඳ ගත්තු බෙරේ වගේ එකක් තමයි දැන් මේ වෙලා තියෙන්නේ..කවුරුවත් දැන් අර පිචෑර් එක එහෙම මතක් කරනවා නෙවෙයි ඔන්න!)
ඉතින් සිඟිත්තනේ මම පොරොන්දු වුණානේ තනියාගේ සහෝදරී උල්කාගේ වික්‍රමයන් ගැන ලස්සන (රෙද්ද තමා!) කතාවක් අරන් ආයෙත් ඕගොල්ලෝ හමුවට එනවයි කියලා...ඒක තමා මේ ආවේ..! ;)
ඉතින් ඔය උල්කා ඇවිල්ලා.. සොරි! වැටිලා අවුරුදු දෙක තුනක් වෙද්දිම උන්දැට තිබ්බ ලොකුම ගාය තමයි කොහොමහරි ඉක්මණට ඉක්කෝලේ යන්න පටන් ගන්න එක..! මොකද කියනවා නම් උල්කගේ අක්කා තනියා එතකොට ඉක්කෝලේ යනවනේ..දැන් ඔය දෙමළ පත්තරේ හරි එයාට දෙනවා නම් මටත් ඕනේ කියන ළදරු මානසිකත්වයේ පසුවුණ (එවකට) මේ ළදැරිය ගෙදර බත් කෑවෙත් ඉක්කෝලේ ගෙනියන බෑග් එකක කෑම පෙට්ටිය දාගෙන ගිහින් එයාගේ සිඟිති මේසේ වාඩිවෙලා, කරේ එල්ලන් ඉන්න රතුපාට රොබෝ බෝතලේකින් වතුර බිබී තමයි..ඒ කාලේ අපේ ගෙවල් ලඟ තිබුණා නරි-සරියක්...මේ යෝදිගේ මේ බෝතල් බෑග කෙරුවාවේ තරම කියන්නේ ඔය නරි-සරියේ ඇන්ටි-මනී උල්කව බලෙන් වාගේ එක්කන් ගිහින් වාඩි කරගෙන තමයි බඳවාගෙන තිබ්බේ..එදා ඉඳන් ඉතින් ආයේ මොනවද ඇන්ටි-මනී පතල් වට්ටිය බබා වගේ කරකෝන එකමයි කලේ!